නීතිවිරෝධී කඩු, කිනිසි සහ උල් පිහි භාරදීමේ කාලය දීර්ඝ කරයි

Monday, 06 May 2019 - 8:22

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%2C+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නීතිවිරෝධී ලෙස ළග තබා සිටින කඩු, කිනිසි සහ උල් පිහි ආදිය සහ හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් භාරදීම සඳහා ලබාදී තිබු කාලය පැය 48 කින් දීර්ඝ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ හැකි ඉක්මණින් ළගම පිහිටි පොලිස් ස්ථානය වෙත එම ආයුධ භාරදීමට කටයුතු කරන ලෙසයි.

මෙම තියුණු ආයුධ සහ නිල ඇඳුම් පොලිස් ස්ථාන වෙත භාරදීම සඳහා පසුගිය සෙනසුරාදා සිට දින දෙකක කාලයක් ලබාදී තිබූ නමුත් එය අද රාත්‍රී 12 ට අවසන්වීමටයි නියමිතව තිබුණේ.

මීට අදාළ උපදෙස් මේ වනවිටත් පොලිස් ස්ථාන වෙත යොමුකර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.