මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියට ඇල්ලූ 13 දෙනා යළි රිමාන්ඩ්

Monday, 06 May 2019 - 10:40

%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B8%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+13+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සිටියදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ 10 දෙනාගෙන් 09 ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ මොවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

ඒ අනුව එක් අයෙකු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි මුදා හැර ඇත්තේ.

එමෙන්ම මොවුන්ට විදෙස් ගමන් ද තහනම් කර තිබෙනවා. ඊට අමතරව මෙම සිද්ධියට ඇල්ලූ එක් සැකකරුවෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

මේ අතර මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 13 දෙනා මේ මස 20 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරුවන් මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මොවුන් අද පෙරවරු 8යි 30ට පමණ කෑගල්ල බන්ධනාගාරයේ සිට අධිකරණ භූමියට රැගෙනවිත් තිබූ බවයි එහි සිටි අප වාර්තාකරු සඳහන් කළේ. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මාවනැල්ල, ගම්පොල, ගෙළි‍්‍රඔය, පොළොන්නරුව සහ තඹාල ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 ත් 30 ත් අතර පසුවන පිරිසක්.

මෙම 13 දෙනාට අමතරව ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් පසුගිය 28 වනදා නාවලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන දැනට රදවාගෙන ප්‍රශ්ණ කරනු ලබන මොහොමඩ් ඉවුහයිම් ෂාහිඩ් අබ්දුල් හක් සහ මොහොමඞ් සාදික් අබ්දුල්හක් යන සහෝදරයන් දෙදෙනා මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු ලෙස නම් කර තිබෙනවා.

විශේෂ පොලිස් කණ්ඩායමක් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ නාවලපිටිය ප්‍රදේශයේ පාවහන් අලෙවි සැලක සැඟව සිටියදීයි.

එමෙන්ම මොවුන් සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු අවසන් නොමැති බැවින් තවදුරටත් රදවාගෙන ප්‍රශ්ණ කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශය අද අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමටද අවසර හිමි වුණා.

එමෙන්ම මෙම නඩුවේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින 13 දෙනාගෙන් දෙදෙනෙකුගේ ඇගිලි සලකුණු පැහැදිලි නොමැති බැවින් එය යලි ලබා ගැනීමට කරනු ලැබූ ඉල්ලීමකද මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබෙනවා.