පියල් නිශාන්තගෙන් පැය 5ක ප්‍රකාශයක්

Monday, 06 May 2019 - 16:03

%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+5%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත, අද පස්වරුවේ ඉන් පිටව ගියා.

ඒ, පැය 5කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි.

පසුගියදා කල්මුණේ - සයින්දමරුදු ප්‍රදේශයේදී මෙහෙයුමක් අතරතුර සිදුවූ වෙඩි තැබීම් සහ පිපිරීම් සිද්ධිවලදී ආරක්ෂක අංශ නිලධාරින් පිරිසක් මියගිය බවට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙනුයි මෙම විමර්ශන සිදුකෙරෙන්නේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගෙන් තවත් දිනෙකදී යළිත් වරක් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මේ අතර, අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ ආණ්ඩුකාරවරුන් වන එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මෙන්ම අසාද් සාලිට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අද ප්‍රකාශයක් ලබාදුන්නා.