පාස්කු ඉරිදා ප්‍රහාරකයින්ට බිලියන 7ක වත්කම් තිබූ බවට හෙළිවේ

Monday, 06 May 2019 - 16:39

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+7%E0%B6%9A+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සතුව රුපියල් මිලියන 140ක මුදලක් සහ රුපියල් බිලියන 7ක පමණ වත්කම් තිබූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

ඒවා ඉදිරියේදී රාජ්‍ය සන්තක කිරීමට පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

මේ අතර, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ බෝම්බ ප්‍රහාරවලට අදාළව පුද්ගලයින් 73 දෙනෙකු මේ වන විට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර, නුවරඑළිය - බැල්ක්පූල් ප්‍රදේශයෙන් ජාතික තව්හිත් ජමාද් සංවිධානයේ පුහුණුවීම් පවත්වාගෙන ගිය කදවුරක් හමුවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අම්පාර - කල්මුණේ - සයින්දමරුදු ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් එම සංවිධානයට අයත් පුද්ගලයෙකුගෙන් ලද තොරතුරකට අනුව යුද හමුදාව විසින් අදාළ ස්ථානය අද වැටලූ බවයි.

මහල් දෙකකින් සමන්විත ගොඩනැගිල්ලක් තුළ අදාළ පුහුණු මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති අතර ඒ සඳහා පුද්ගලයින් 38 දෙනෙකු අවස්ථා කිහිපයකදී එක්වී ඇති බවයි වාර්තා වන්නේ.

ජාතික තව්හිත් ජමාද් සංවිධානයේ නායකයා බවට සැලකෙන සහරාන් හෂීම් පසුගිය අප්‍රේල් මස 17 වන දා එම ස්ථානයට පැමිණ දේශනයක් ද සිදුකර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

මේ අතර, වාලච්චේන - රිදීතැන්න - ඔමේනියා ප්‍රදේශයේ සහරාන් හෂීම් විසින් අවි පුහුණුව සඳහා සැලසුම් කර තිබූ අක්කර 25ක පමණ භූමි ප්‍රමාණයක් ද අද ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කළා.

එහිදී ප්ලාස්ටික් නළ වල බහා තිබූ ජෙලග්නයිට් කූරු 236ක් ද සොයාගෙන ඇති බව සඳහන්.

මීට අමතරව අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරෙකුට අයත් බව කියන මන්නාරම් තාරපුරම් හි පිහිටි නිවසක් ද අද ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

ගාල්ල නගරයේ වෙළඳසැල් 3ක තිබී යුද හමුදා ඇඳුමට සමාන ඇඳුම් කොටස් 1056ක් ද සොයා ගත්තේ අද සිදුකළ වැටලීමකදීයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ නීතිවිරෝධී ලෙස ළඟ තබා සිටින කඩු, කිනිසි සහ උල් පිහි ආදිය සහ හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් භාරදීම සඳහා ලබාදී තිබු කාලය පැය 48 කින් දීර්ඝ කර ඇති බවයි.

මේවා පොලිස් ස්ථාන වෙත භාරදීම සඳහා පසුගිය සෙනසුරාදා සිට දින දෙකක කාලයක් ලබාදී තිබූ අතර, එය අද රාත්‍රී 12ට අවසන්වීමටයි නියමිතව තිබුණේ.

මේ අතර, මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 13 දෙනා මේ මස 20 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරුවන් මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More