අන්තවාදය පැතිරූ විදේශිකයන් 200ක් පිටුවහල්

Monday, 06 May 2019 - 19:41

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+200%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A
පසුගිය කාලසීමාවේදී ඉගැන්වීම් කටයුතු සඳහා විවිධ රටවලින් මෙරටට පැමිණි මුස්ලිම් ජාතිකයින් 200 දෙනෙකු පමණ යළි සිය රටවල් වෙත පිටුවහල් කිරීමට කටයුතු කළ බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කළා.

ඔවුන් සිය ආගමික ඉගැන්වීම්වලදී අන්තවාදී අදහස් පැතිරවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන් සිදුකළ සොයා බැලීමකින් පසු ඔවුන් පිටුවහල් කිරීමට තීරණය කළ බවයි.

මේ අතර, මද්‍රාසා පාසල් නියාමනය සම්බන්ධ කමිටු වාර්තාව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් විසින් අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙනු ලැබුවා.

වාර්තාව සැකසීමේදී වෙනත් රටවල ක්‍රියාත්මක නීති රීති මෙන්ම, මෙරට පිරිවෙන් අධ්‍යාපන පනත ද අධ්‍යයනයට ලක් කර ඇති අතර වාර්තාවට අනුව ඉදිරියේදී සියළු මද්‍රාසා පාසල් නියාමනයට සහ පොදු නීති රීති මාලාවකට යටත්ව ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

එමෙන්ම, ෂරියා විශ්වවිද්‍යාලය නැතහොත් මඩකලපුව මණ්ඩපය නමින් හැදින්වෙන කිසිදු ආයතනයක් උපාධි පාඨමාලාව පැවැත්වීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා නොමැති අතර, ඒ සඳහා කිසිදු බලයක් ලබාදී නොමැති බවයි එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.


රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More