සහරාන්ගේ තවත් අනුගාමිකයින් 7 දෙනෙකු, කාන්තන්කුඩියේදී අත්අඩංගුවට

Tuesday, 07 May 2019 - 7:38

%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%2C+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධානියා ලෙස සැලකෙන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ තවත් අනුගාමිකයින් 7 දෙනෙකු කාන්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් එම සංවිධානයට සක්‍රිය දායකත්වය ලබා දී ඇති අතර, කාලයක සිට ප්‍රදේශ කිහිපයක පුහුණුවීම් කටයුතු සිදුකර ඇති බවට ද වාර්තා වනවා.

මේ වන විට ඔවුන් කාන්තන්කුඩි පොලීසියේ රදවාගෙන සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, ඊයේ දිනයේදී නුවරඑළිය - බ්ලැක්පූල් ප්‍රදේශයෙන් සොයා ගත් ජාතික තව්හිද් ජමාත් සංවිධානයට අයත් පුහුණු කදවුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ප්‍රහාරයට පෙර අවසන් පුහුණුවීම් සහ දේශන මාලාවන් මෙම පුහුණු කදවුරෙහි සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.