කිරිබත්ගොඩ නගරයේ වෙළදසැල් 3ක් ගිනි ගනී

Tuesday, 07 May 2019 - 8:00

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
විදුලි කාන්දුවක් හේතුවෙන් කිරිබත්ගොඩ නගරයේ වෙළඳසැල් 03ක් ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි කරන වෙළදසැලක ඊයේ රාත්‍රියේ මෙම ගින්න ප්‍රථමයෙන් හටගෙන ඇති බවයි.

පසුව එය ව්‍යාප්ත වී අසල තිබූ පළතුරු අලෙවි සැලකට සහ තවත් වෙළදසැලකට පැතිර ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නැහැ.

ගින්න නිවීම සඳහා ගම්පහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.