අදත් පාසල්වල සිසුන් පැමිණීමේ අඩුවක් - විෂය බාහිර ක්‍රියාකාරකම් නවතී

Tuesday, 07 May 2019 - 12:37

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%BA+%E0%B6%B6%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
අද දිනයේත් පාසල් වලට සිසුන් පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

ප්‍රධාන වශයෙන් කොළඹ අවට පාසල් වල සිසුන් මෙලෙස අඩු වශයෙන් පැමිණි බවයි වාර්තා වන්නේ.

රාජකීය විද්‍යාලයේ සිසුන් 366 දෙනෙකු පැමිණ සිටි අතර ගුරුවරුන් දෙසිය අනූ දෙදෙනෙකු පැමිණ සිටින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, විශාඛා විද්‍යාලයේ සිසුවියන් 43ක්, ගුරුවරුන් 183ක්, ගාල්ල - සවුත්ලන්ඞ් බාලිකා විද්‍යාලයේ සිසුවියන් 263ක් සහ ගුරුවරුන් 137 දෙනෙකු අද දිනයේ පාසල වෙත පැමිණ තිබුණා.

එමෙන්ම මාතර - රාහුල විද්‍යාලයේ සිසුන් 153ක් සහ ගුරුවරුන් 153 දෙනෙකු පැමිණ සිටි අතර, මාතර - සුජාතා බාලිකා විද්‍යාලයේ සිසුවියන් 187 දෙනෙකු සහ ගුරුවරුන් 140 දෙනෙකු පැමිණ තිබුණා.

මේ අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබද අතිරේක ලේකම් ආර්.එම්.එම්. රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ක්‍රීඩා පිටි ආශ්‍රිතව සිදුකෙරෙන විෂය බාහිර ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවන ලෙස පාසල් වෙත චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇති බවයි.

එමෙන්ම, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශෆ් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ පාසල් තුළ මෙන්ම අවට ආරක්ෂාව තහවුරු කරන තෙක් දරුවන් පාසල් එවීමට දෙමව්පියන්ගේ බියක් ඇති බවයි.  



රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More