නාලක සිල්වා යළි රිමාන්ඩ්

Tuesday, 07 May 2019 - 12:46

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 21 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරු කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

එමෙන්ම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරීමට සාක්ෂි පවතීද යන්න සම්බන්ධයෙන් වන නියෝගය එදිනට ලබාදෙන බවයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී සඳහන් කර ඇත්තේ.

මේ අතර ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අනාවරණ කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාරට ජීවිත තර්ජන ඇති බැවින් ඔහුට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙස ඔහුගේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී ඇත්තේ ඔහුට අවශ්‍ය ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් සබරගමුව පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම්දී ඇති බවයි.





මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:46

මහ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත්... Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More