මැදිරිගිරියෙන් හමුවූ අත්බෝම්බ

Tuesday, 07 May 2019 - 12:53

%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6
පොළොන්නරුව, මැදිරිගිරිය, දියසෙන්පුර, පැරකුම්පුර මාර්ගයේ තිබී සැකකටයුතු පාර්සලයක් මැදිරිගිරිය පොලිසිය විසින් ඊයේ (06) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශයේ කාන්තාවකගෙන් ලැබුණු තොරතුරක් මත මෙම පාර්සලය සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව එම පාර්සලය පරික්ෂා කිරීමේදී අත්බෝම්බ 02ක් හමුවී තිබෙනවා.

පොලිසිය විසින් මින්නේරිය යුද හමුදා කඳවුරේ නිලධාරීන්ගේ සහයෝගය ඇතිව, මෙලෙස සොයාගත් අත්බෝම්බ නිෂ්ක්‍රිය කර ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.