නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට

Tuesday, 07 May 2019 - 13:29

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+12+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 8 දෙනෙකු ත්‍රිකුණාමලය, බැක්බේ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඊයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදියි.

වයස අවුරුදු 18ත්, 43ත් අතර පසුවන ඔවුන් ත්‍රිකුණාමලය - නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මේ අතර, නාවික හමුදාව මුලතිව් -  චෙම්මාලෙයි  මුහුදු ප්‍රදේශයේ සිදුකළ තවත් මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ තවත් පුද්ගලයින් සිව් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණා.