රොටුඹ අමිල යළි රිමාන්ඩ්

Tuesday, 07 May 2019 - 14:21

%E0%B6%BB%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B9+%E0%B6%85%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ඩුබායි සිට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරු මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිතුනාරච්චි හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පාතාල නායක කංජිපානි ඉම්රාන් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොහු පසුගියදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබුවා.