නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 38 ක් ආරම්භ කිරීමට අනුමැතිය

Tuesday, 07 May 2019 - 14:23

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+38+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
දිවයින පුරා නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 38 ක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

අමාත්‍ය මණ්ඩලය අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

ජන අනුපාතය අනුව, ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ නිසි පරිදි බෙදා වෙන් කිරීම යටතේ මෙම නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 38 ආරම්භ කෙරෙන බව අමාත්‍ය වජිර අබේවර්ධන සදහන් කළා.