සන්නිවේදන ජාල අවහිර කරන උපකරණ සමඟ මීගමුවේදී සැකකරුවෙකු අත්අඩංගුවට

Tuesday, 07 May 2019 - 15:11

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
දුරකථන මාර්ග ඇතුලු විවිධ සන්නිවේදන ජාල අවහිර කිරීමට යොදාගන්නා උපකරණ 8 ක් සමඟ පුද්ගලයෙකු මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සැකකරු මීගමුව - ලාසරස් මාවතේ පදිංචිකරුවෙකු බවයි.

මේ අතර වවුනියාව - අලගල්ල - අලුත්ගම ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී මිලිමීටර 12.7 වර්ගයේ ගුවන් යානා නාශක පතොරම් 85ක් ඉරට්ටපෙරියකුලම් පොලීසිය අද සොයාගෙන තිබෙනවා.

බුද්ධි අංශයට ලද තොරතුරක් මත පොලිස් නිල සුනඛයින්ද යොදවා සිදුකළ විමර්ශනයකදී මෙම පතොරම් තොගය සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

එසේම මොරගහහේන - තලගල වත්ත ප්‍රදේශයේ ඉඩමක බිම් සකස් කරමින් තිබූ බැකෝ යන්ත්‍රයකට යටවීම හේතුවෙන් එහි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍යයක් පුපුරා ගොස් තිබෙනවා.

අනතුරුව ඒ සම්බන්ධයෙන් බැකෝ යන්ත්‍රයේ හිමිකරු පොලීසිය දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, පසුව කළ විමර්ශනවලදී එම ඉඩමේ තිබී ඩෙටනේටර් 175 ක් සොයා ගැනුනා.

මේ අතර ඉපලෝගම පොලීසියට ලද තොරතුරකට අනුව කලාවැව - ධාතුසේන පුර ධීවර ගම්මානයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ජෙලග්නයිට් කූරු 243 ක්, වෙඩි බෙහෙත් කිලෝ 12කට අධික ප්‍රමාණයක්, සේව නූල් මීටර 786 ක්, ඩෙටනේටර් 145 ක් සහ ඇමෝනියා නයිට්රේට් නැමති රසායන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 36 කට අධික ප්‍රමාණයක් සමඟ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම කැබිතිගොල්ලෑව පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ මෙහෙයුමකදී තව්හිත් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට කාන්තාවක් ඇතුලු පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා.

එහිදී එම සංවිධානයට සම්බන්ධ දේශන සහ සටන් ක්‍රම ඇතුළත් සී.ඩී. තැටි, පරිගණක කොටස් කිහිපයක්, ලැප්ටොප් පරිගණකයක්, කඩු දෙකක්, දුරකථනයක් සහ විවිධ සමාගම්වලට අයත් නිල මුද්‍රා කිහිපයක්ද සොයාගෙන ඇති බව සඳහන්.

හැටන් පෞද්ගලික බස් නැවතුම්පල අසළ කසළ බෑගයක දමා තිබූ යුද හමුදා නිල ඇඳුමක් සහ හිස් වැසුමක් ආරක්ෂක අංශ අද සොයාගත්තේ සැකසහිත පාර්සලයක් ඇති බවට මගීන්ගෙන් ලද තොරතුරකට අනුවයි.

පස්යාල - නාඹුලුව ප්‍රදේශයේ කැලෑවකින් පොලිතින් උරයක බහා තිබූ බෝර 12 වර්ගයේ තුවක්කුවක් සහ ජීව උණ්ඩ 13 ක් නිට්ටඹුව පොලීසිය සොයාගත්තා.

එමෙන්ම මැදිරිගිරිය - දියසෙන්පුර මාර්ගයේ සැකසහිත පාර්සලයක් ඇති බවට ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී ජීව අත්බෝම්බ දෙකක් සහ යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමක් ආරක්ෂක අංශ සොයාගෙන තිබෙනවා.

පසුව මින්නේරිය යුද හමුදා කඳවුරේ බෝම්බ නිශ්ක්‍රිය අංශයේ නිලධාරීන් විසින් ජීව අත්බෝම්බ නිශ්ක්‍රිය කරනු ලැබුවා.

මේ අතර තහනම් සංවිධානයක් ලෙස නම් කර ඇති ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කරමින් සිටියදී අත්අඩංගුවට ගත් මොහොමඞ් ෆාරුක් මොහොමඩ් ෆවාස් මේ මස 21 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

සැකකරු සතුව තිබී මෙම ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ලේඛණ සහ වීඩියේ දර්ශන සොයාගෙන ඇති හෙයින් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද පොලීසිය අධිකරණයට දන්වා සිටියා.