ඇමති රිෂාඩ් ඡන්ද වැඩි කරගත් හැටි - හිරු CIA විශේෂ හෙළිදරව්ව

Tuesday, 07 May 2019 - 19:43

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B7%82%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+-+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+CIA+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80
මන්නාරම ප්‍රදේශයේ ජීවත් වී පසුගිය යුද සමයේ පුත්තලම ප්‍රදේශයට පැමිණි අවතැන් ජනතාව මේ වනවිට ස්ථිර පදිංචි ස්ථානය පිළිබදව දැඩි ගැටළු සහගත තත්ත්වයකට පත්ව තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ, රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ ඡන්ද ගොඩ වැඩිකිරීම සදහා පුත්තලම ප්‍රදේශයේ ස්ථිරව පදිංචි 12,000 කට වැඩි පිරිසක් මන්නාරම ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කර තිබීමයි.  

මෙම තත්ත්වය හේතුවෙන් ආරක්ෂක අංශ නිලධාරීන් ද මේ දිනවල සිදුකරන පුද්ගල පරීක්ෂාකිරීම් වලදී ගැටලු රැසකට මැදිව තිබෙන බවයි හිරු සී.අයි.ඒ.සිදුකළ ගවේෂණයේදී හෙළිවුයේ.

යුද්ධයෙන් අවතැන්වු ජනතාව පදිංචි කරන බව ලොවට හඟවමින් විල්පත්තුව වනාන්තර කලාපයට අයත් විලත්තියිකුලම් හා කල්ආරු ආදී රක්ෂිත වනාන්තර වනසන අයුරු හිරු සී.අයි.ඒ.හරහා අප 2015 වසරේ සිට හෙළි කළා.

රටක හදවත බදු රක්ෂිත වනාන්තර සුනු විසුනු කරමින් මේ සිදුකරන්නේ සත්‍ය වශයෙන්ම යුද්ධයෙන් අනාථ වු පුද්ගලයන් පදිංචිකිරීමක් නොවන බව එදා අප දර්ශන සාක්ෂි සහිතව ඔප්පු කලේ මෙලෙසින්.