පිළිකා රෝහලට රුසියාවෙන්, බාල එන්නත් ගෙන්වා ඇති බවට හෙළිවේ

Wednesday, 08 May 2019 - 7:22

%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම 2015 / 2018 වර්ෂවල රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

ඊයේ පැය දෙකක පමණ කාලයක් මන්ත්‍රීවරයා ප්‍රකාශයක් ලබාදුන් බවයි එම කොමිෂන් සභාව කියා සිටියේ.

මහපොල ශිෂ්‍යත්ව අරමුදල සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනවලට අදාළවයි මොහු මෙම ප්‍රකාශය ලබාදී ඇත්තේ.

එමෙන්ම, මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ලබාදෙන එන්නත් ගෙන්වීමේදී සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් ඊයේ විභාගයක් පැවැත්වුණා.

එහිදී සාක්ෂි ලබාදෙමින් එහි විශේෂඥ වෛද්‍ය ගිහාන් ගුණසේකර ප්‍රකාශ කර ඇත්තේ 2017 වසරේදී රුසියාවෙන් පවා අනුමත නොකරන ලද එන්නත් මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බවයි.

රුසියාවේ නිෂ්පාදිත එම එන්නත රුසියාවේ පවා අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ 2017 මාර්තු මාසයේදි වුවත් ශ්‍රී ලංකාවට එය පෙබරවාරි මාසය තුළම ගෙන්වීමට කටයුතු කර ඇති බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.

එම ඖෂධය ගෙන්වීම සඳහා පැවති තාක්ෂණික කමිටුවේදී විශේෂඥ වෛද්‍යවරයෙකු වූ ප්‍රසාද් අබේසිංහ ඊට තදින්ම විරුද්ධ වී ඊට එකඟ නොවන බවටද ලිඛිත සටහනක් තබා තිබෙනවා.

තවදුරටත් සාක්ෂි ලබාදෙමින් විශේෂඥ වෛද්‍ය ගිහාන් ගුණසේකර ප්‍රකාශ කර ඇත්තේ එලෙස ගෙන්වා ඇති එන්නත් මුල් අවස්ථාවේදී රෝගීන්ට ලබාදීමේදී හදිසි හෘදයාබාධ ඇතිවී රෝගියාගේ ජීවිතය අහිමිවීමට බොහෝ සෙයින් ඉඩකඩ පවතින බවයි.



මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:46

මහ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත්... Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More