මධුෂ් තවදුරටත් රඳවා ගැනීමට රහස් පොලීසිය සැරසේ

Wednesday, 08 May 2019 - 7:28

%E0%B6%B8%E0%B6%B0%E0%B7%94%E0%B7%82%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
පාතාල නායක මාකඳුරේ මධුෂ් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

පැය 72ක රැදවුම් නියෝගයක් මත ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන අතර, එම කාලය අදින් අවසන් වනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධුෂ්ට එල්ලවී ඇති චෝදනා රැසක් සම්බන්ධයෙන් විමර්ශන මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.

කෙසේ වෙතත් ඇතැම් සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මොහු සැකකරුවෙකු ලෙස හැඳින්වුවත් සිද්ධීන් කිහිපයකට ඔහුගේ සම්බන්ධයක් නොමැති බවද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.

තමන් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සහ අවි ආයුධ තිබෙන ස්ථාන පෙන්වන බවත්, ඒ අනුව තමන්ගේ වැරදි සම්බන්ධයෙන් සමාව ලබාදෙන ලෙසත් මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් සිදුකළේ යැයි පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බවද ඔවුන් පවසනවා.

අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් මෙරටට පැමිණියේ පසුගිය පස්වනදා අලුයම 5 ට පමණයි.


රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More