දිවයින පුරා අඛණ්ඩ මෙහෙයුම් තවදුරටත්

Wednesday, 08 May 2019 - 7:31

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
පාස්කු ඉරිදා එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමග දිවයින පුරා තවමත් අඛණ්ඩව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඊයේ දිනයේ ද මෙහෙයුම්වලදී අවි ආයුධ ඇතුලු සන්නිවේදන උපකරණ සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සිදු කෙරුණා. පැලවත්ත ප්‍රදේශයේ උක් වගා භූමියක සඟවා තිබු වෝකි-ටෝකි යන්ත්‍ර 05ක්, ප්‍රභූ ආරක්ෂක ඇඳුම් කිහිපයක් සහ තවත් භාණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.

ඒ, සීනි කර්මාන්තශාලාවේ මෙහෙයුම් නිලධාරි සුරද් ආමඩීන් ගේ නිවසේ සිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් සිදුකරන ලද ප්‍රශ්ණ කිරිම් වලින් ලද තොරතුරුවලට අනුවයි.

බුත්තල - පැලවත්ත සීනි කර්මාන්තශාලාවේ මෙහෙයුම් නිලධාරි සුරද් අහමඞ්, සේවකයින් 13 දෙනෙකු සමග රහස් සාකච්ජාවක පැවැත්වීම නිසා සෙසු සේවකයින් ඊට විරෝධය පළකිරිමත් සමඟ ඊයේ එම කර්මාන්තශාලාව තුළ දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

එහිදි තත්ත්වය පාලනය කිරිමට බුත්තල පොලිසියේ නිලධාරින් පැමිණියත් එය ව්‍යර්ථ වු හෙයින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් පැමිණ මෙහෙයුම් නිලධාරියා පිටතට ගෙන අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

අනතුරුව ඔහුගේ නිවස සෝදිසි කර එහි සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

මේ අතර ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂවරයෙකු අයි.එස්.ත්‍රස්ත සංවිධානයේ මතවාද සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නොරොච්චෝලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මොහුගේ අමාත්‍යාංශය කාර්යාලය තුළ තිබී ලැප්ටොප් පරිඝණකයක් සහ ලිපි ගොනු කිහිපයක් ද තලංගම පොලිසීයේ අපරාධ අංශය සිය භාරයට ගනු ලැබුවා.

එමෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ශාෆි රහීම් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.

ඔහුට අයත් මීගමුව පෙරියමුල්ලේ නිවස පරික්ෂා කිරීමේ දි දුරකථන මාර්ග ඇතුලු විවිධ සන්නිවේදන ජාලයන් අවහිර කරන උපකරණ 08ක් ද සොයාගෙන ඇති අතර, සැකකරු වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා මීගමුව පොලිසියට භාරදී තිබෙනවා.


රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More