තාවකාලිකව නවතා දැමුණු උසස් පෙළ සිසුන්ට, ටැබ් දීමේ යෝජනාවට කැබිනට්ටුවේ අනුමැතිය

Wednesday, 08 May 2019 - 7:34

%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%2C+%E0%B6%A7%E0%B7%90%E0%B6%B6%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
මීට පෙර තාවකාලිකව නවතා දැමුණු රජයේ පාසල්වල උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක නොමිළේ ලබාදීමේ ව්‍යාපෘතියට ඊයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මීට අදාළ යෝජනාව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසිනුයි ඉදිරිපත් කර ඇත්තේ.

ව්‍යාපෘතිය සදහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 350කට ආසන්නයි. යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද කරුණු දැක්වූ බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.

ටැබ් පරිගණක එක්ලක්ෂ 83,000ක් මෙම ව්‍යාපෘතිය යටතේ උසස් පෙළ සිසුන්ට ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටවනු ලැබුවේ පසුගිය වසරේ පෙබරවාරි මස 20 වන දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදියි.