සහරාන්ගේ අනුගාමියෙකු නිදහස් කර ගැනීමට - හොරොව්පතාන ඕඅයිසීට අල්ලස් දුන් තරුණයෙකු අත්අඩංගුවට

Wednesday, 08 May 2019 - 9:29

%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+-+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%95%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%93%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ජාතික හවුහිත් ජමාත් සංවිධානයේ නායකයා සහරාන් හෂීම්ගේ ගෝලයෙකු නිදහස් කර ගැනීම සඳහා හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් දෙලක්ෂ 50,000ක අල්ලසක් ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරොව්පතාන පොලිස් ස්ථානය තුළදී අද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුක්කරවැව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්.

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව දිවයින පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක අතර අබ්දුල් මොහොමඞ් නියාස් නමැති සැකකරු පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය සෙනසුරාදායි.

මෙම පුද්ගලයා හොරොව්පතාන ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි පුද්ගලයෙක් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවටයි වාර්තා වන්නේ.

පසුව මොහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එදිනට සැකකරුට ඇප ලබාදීමට විරුද්ධත්වය නොමැති බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලායි මෙම අල්ලස් මුදල හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලබාදීමට උත්සාහ කර ඇත්තේ.

රුපියල් ලක්ෂ 5 ක අල්ලසක් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලබාදෙන බවට අත්අඩංගුවට ගත් තරුණයා ප්‍රකාශ කර තිබෙනවා.

ඉන් අඩක් අද දිනයේ ලබාදී රිමාන්ඩ් කර සිටින සැකකරු නිදහස් වූ පසු ඉතිරි මුදල ලබාදෙන බවට අද අත්ඩංගුවට ගත් තරුණයා ප්‍රකාශ කර ඇති බවද වාර්තා වුණා.

ඒ අනුවයි, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් මොහුව හොරොව්පතාන පොලිස් ස්ථානය තුලදීම අත්අඩංගුවට ගෙන ඇත්තේ.