දඹුලු ඔයෙන් උණ්ඩ මතුවේ

Wednesday, 08 May 2019 - 11:43

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%94%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A
දඹුලු ඔයේ තිබී පිස්තෝල සඳහා භාවිතා කරන ජීව පතුරම් හයක් සහ ගුවන් යානා නාශක පතුරම් දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ දඹුල්ල උළුකැටවැව ප්‍රදේශයේ දඹුලු ඔයේ සැකකටයුතු පාර්සලයක් ඇති බවට ලද තොරතුරකට අනුවයි මෙම පතොරම් තොගය සොයාගෙන ඇත්තේ.

යම්කිසි පුද්ගලයෙකු විසින් මෙම පාර්සලය එම ස්ථානයට ගෙනැවිත් දමන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.