හිටපු ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට සිතාසි

Wednesday, 08 May 2019 - 12:09

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B7%83%E0%B7%92
දැනට අනිවාර්ය නිවාඩු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මේ මස 21 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසට සීතාසි යවන්නැයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

ඒ පාස්කු ඉරු දින කොච්චිකඬේ දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් තම දරුවන් දෙදෙනා මියයාම බව පවසමින් ගොනු කර තිබූ පෙත්සමක් අද කැදවූ අවස්ථාවේදීයි.

මෙම පෙත්සම ප්‍රසන්න ජයවර්ධන, මූර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර හමුවේයි කැදවනු ලැබුවේ.

එහිදී නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥවරයා කියා සිටියේ පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බවයි.

වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි සමන් නන්දන සිරිමාන්න නමැති පුද්ගලයා විසින් ගොනු කළ මෙම පෙත්සමේ තවදුරටත් දක්වා සිටියේ මෙම ප්‍රහාර සම්බන්ධයෙන් තෙරතුරු පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා කල්තියා දැනසිටි බැවින් මොවුන්ට අපරාධ නීතිය යටතේ නිසි පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසටයි.