පැල්වත්ත සිනි කම්හලේ ප්‍රධානියෙකුගේ නිවසේ සිටි අයෙක් අත්අඩංගුවට - සඟවා තිබූ වෝකි ටෝකි 5ක් සහ ප්‍රභූ ආරක්ෂක ඇදුම් එළියට

Wednesday, 08 May 2019 - 12:18

%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+-+%E0%B7%83%E0%B6%9F%E0%B7%80%E0%B7%8F+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B7%80%E0%B7%9D%E0%B6%9A%E0%B7%92+%E0%B6%A7%E0%B7%9D%E0%B6%9A%E0%B7%92+5%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%96+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%87%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
බුත්තල පැල්වත්ත සීනී කර්මාන්ත ශාලාවේ ඊයේ (07) පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවූයේ එහි ප්‍රධාන මෙහෙයුම් නිළධාරී සුරද් ආමඩීන් විසින් සේවකයින් 13 දෙනෙකු සමග රහස් සාකච්ඡාවක් පැවැත්වීමට සෙසු සේවකයින්ගේ දැඩි විරෝධය එල්ල වීම හේතුවෙන්.

පසුව තත්ත්වය පාලනය කිරීමට බුත්තල පොලිසියේ නිළධාරීන් පැමිණ එහි ප්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා පිටතට ගැනීමට උත්සහ කලද එය ව්‍යර්ත වුණා.

කෙසේ වෙතත් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පැමිණ අදාල පුද්ගලයා පිටතට රැගෙන ගොස් තිබුණා.

අත්අඩංගුවට ගැනුනු මෙහෙයුම් නිළධාරියාගේ නිවස පොලිසිය විසින් සෝදිසි කරන අතරතුර නිවසේ සිටි පුද්ගලයෙක් සැක පිට අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහුගෙන් සිදු කල ප්‍රශ්න කිරීම් වලදී උක් වගාවක සඟවා තිබූ වෝකී ටෝකී යන්ත්‍ර 5ක් ,ප්‍රභූ ආරක්ෂක ඇදුම් කිහිපයක් සහ තවත් භාණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.