නීති විරෝධීව ධීවර කටයුතුවල නිරතවූ 41ක් අත්අඩංගුවට (ඡායාරූප)

Wednesday, 08 May 2019 - 15:10

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B7%80+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD%E0%B7%80%E0%B7%96+41%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නීති විරෝධීව මසුන් මැරීමේ නිරතව සිටි පුද්ගලයන් 41 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය මුහුදු තීරයේදී නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතුවල නිරතව සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයන් පිරිසක් විසින්.

අවුරුදු 18ත් 60ත් අතර වයස්වල පසුවන සැකකරුවන් ත්‍රිකුණාමලය සහ කින්නියා ප්‍රදේශවල පදිංචිකරුවන්.

ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 5ක්, පිටත දහන යන්ත්‍ර 5ක්, මීටර් 225ක් දිගැති තහනම් දැල් 5ක් සහ මසුන් කිලෝ 94ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ වැඩිදුර විමර්ශණ සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත භාරදී ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.



රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More