හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිට අල්ලස් ලබාදීමට තැත්කළ පුද්ගලයා රිමාන්ඩ්

Wednesday, 08 May 2019 - 16:07

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ජාතික හවුහිත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැළකෙන සහරාන් හෂීම්ගේ ගෝලයෙකු නිදහස් කර ගැනීම සඳහා හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් දෙලක්ෂ 50,000ක අල්ලසක් ලබාදීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරු අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න සමරවීර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව දිවයින පුරා ක්‍රියාත්මක වූ සෝදිසි මෙහෙයුම් අතරතුර සහරාන්ගේ ගෝලයෙකු වන අබ්දුල් මොහොමඩ් නියාස් නමැති සැකකරු පොලිසිය පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගත්තා.

මීළඟ නඩු දිනයේදී ඔහුට ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක්නොමැති බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලමිනුයි 26 හැවිරිදි සැකකාර තරුණයා පොලිස් ස්ථානාධීපතිවරයාට අල්ලස් ලබාදීමට උත්සාහ කර තිබුණේ.