මඩකලපුව විශ්වවිද්‍යාලය පෞද්ගලික සරසවියක් ලෙස පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ජනපති කියයි

Wednesday, 08 May 2019 - 16:50

%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ත්‍රස්තවාදය ලොව කොතැනක හෝ ජයග්‍රහණය කර නොමැති අතර, අන්තවාදී ත්‍රස්තවාදයේ ම්ලේච්ඡ අරමුණුවලට ශ්‍රී ලාංකීය ජාතිය බෙදා වෙන් කිරීමට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරනවා.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (08) පෙරවරුවේ කල්මුණේ, සයින්දමර්දු ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වු අවස්ථාවේ නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරින් සහ පළාතේ මුස්ලිම් තරුණ තරුණයන් හමු වෙමින්.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී අවධාරණය කළේ අප්‍රේල් 21 වනදා සිදුවීම ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් නොව ජාත්‍යන්තරය හා සම්බන්ධ වූ ත්‍රස්ත ක්‍රියාවක් බවයි.

මෙම ජාත්‍යන්තර ත්‍රස්ත කණ්ඩායමට එරෙහිව ලොව බලවත් රටවල් නැගි සිටියදී ඊට සම්බන්ධවූවන් මෙරටින් විනාශ කර දැමීමේ මෙහෙයුම් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ මේ වන විට සාර්ථක අවසානයක් කරා මෙහෙයවමින් සිටින බව  ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එබැවින් රටේ ජාතික සමගිය සහ සංහිදියාව පළුදුවන ආකාරයේ ක්‍රියාකාරකම්වලට සම්බන්ධවෙමින් ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් තැබීමට දායක නොවන ලෙසයි මෛත්‍රීපාල සිරිසේන මහතා සියලූදෙනාගෙන් ඉල්ලා සිටියේ.

රට තුළ ජාතික සමගිය සහ සංහිදියාව ශක්තිමත් කර ගැනීමට සියලූදෙනා කැප විය යුතු බව ද ඔහු සදහන් කළා.  

අප්‍රේල් 26 වනදා බෝම්බ පිපිරීම සිදු වූ කල්මුණේ,සයින්දමර්දු ප්‍රදේශයේදී නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරින් සමග හමුවකට ද ජනාධිපතිවරයා එක්වුනා.

ආරක්ෂක අංශවල සිදුකරන ලද ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සමග මෙරට ජාතික ආරක්ෂාව පිළිබද කටයුතු මේ වන විට නව මුහුණුවරක් සහ සැලැස්මක් ඔස්සේ ක්‍රියාත්මක වන අතර එම වැඩපිළිවෙළ මගින් සියලූ පුරවැසියන්ට බියෙන්, සැකෙන් තොරව නිදහස් සමාජයක ජීවත්වීමේ අයිතිය තහවුරු කර තිබෙන බවද මෛත්‍රීපාල සිරිසේන මහතාසඳහන් කළා.

අනතුරුව ජනාධිපතිවරයා එම ස්ථානයේ දී ප්‍රදේශයේ මුස්ලිම් තරුණ තරුණියන් සමග හමුවකට ද එක්වී තිබෙනවා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවේ ආරම්භ කළ විශ්ව විද්‍යාලය පිළිබදව ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දක්වා තිබෙනවා.

ඔහු එහිදී ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති රීති යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස එය ඉදිරියට කරගෙන යාමට අපේක්ෂා කරන බවයි.

එහිදී එම විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන විෂය මාලා පිළිබදව පැහැදිලි තීරණයක් ගැනීමට නියමිත බව ද ජනාධිපති  සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ත්‍රස්තවාදයට මාතෘභූමියේ කොතැනකවත් ඉඩ නොතබන අතර එය විනාශ කර දැමීමේ වගකීම නිසි ලෙස ඉටු කරනවා මෙන්ම රටේ කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත් නොවන අයුරින් කටයුතු කිරීමේ වගකීම රාජ්‍ය නායකයා ලෙස තමා ඉටුකරන බවයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අප්‍රේල් 26 වනදා සයින්දමර්දු ප්‍රදේශයේ බෝම්බ පිපිරීම් සිදු වූ ස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා එම ස්ථානය ද නිරික්ෂණ කළ බවයි.