සාක්ෂිකරුවන්ට බලපෑම් කළොත් දැඩි පියවර - වංචා දූෂණ කොමිසම කියයි

Thursday, 09 May 2019 - 7:25

%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB+-+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
2015 - 2018 කාලසීමාවේ වංචා දූෂණ සොයන කොමිසමේ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කළහොත් ඔවුන්ගේ රැකියා පවා අහිමි කිරීමට පියවර ගත හැකි බව එහි සභාපති විනිසුරු උපාලි අබේරත්න ප්‍රකාශ කළා.

ඒ, මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා එන්නත් වංචාව සම්බන්ධයෙන් සාක්ෂී ලබාදෙන වෛද්‍යවරියක් කළ කරුණු දැක්වීමකට අදාළව අදහස් දක්වමින්.

කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම නිසා ඉහළ නිලධාරීන්ගේ බලපෑම් සහ තර්ජන එල්ලවන අවිනිශ්චිත තත්වයක තමන් පසුවන බව අදාළ වෛද්‍යවරිය දන්වා තිබුණා.

මීට පෙර ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සිදුවූ දූෂණ, අක්‍රමිකතා පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් වෛද්‍යවරියකට එහි හිටපු වැඩබලන අධ්‍යක්ෂවරයා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද මෙම කොමිසමට ඉදිරිපත් වුණා.

ඊට අමතරව මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන වෛද්‍යවරුන්ට තර්ජන එල්ලවී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමු කර තිබුණා.

මේ අතර අපේක්ෂා රෝහලේ එන්නත් වංචාව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙමින් ඇය කියා සිටියේ රුසියාවෙන් ආනයනය කළ අදාළ එන්නත පියයුරු පිළිකාවන්හි මුල් අවස්ථාවේ එන්නත් නොකළ යුතු ඖෂධයක් ලෙස හඳුනාගෙන ඇති බවයි.

එම එන්නත භාවිත කර රෝගීන්ට ආසාදන ඇතිවූ අවස්ථාවල තමන්ම ඒ සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයට දැනුම්දුන් බවත් ඇය කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

අදාළ ඖෂධය නිර්දේශ නොකරන අවස්ථාවන්වලදී අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් එම බෙහෙතම භාවිත කරන ලෙස බලකළ අවස්ථාද පැවති බව වෛද්‍යවරිය හෙළිකළා. මෙම තත්ත්වය පිළිබඳව විශේෂඥ වෛද්‍ය ගිහාන් ගුණසේකරද කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.