නීතිවිරෝධී ලෙස මසුන් මැරූ 6 දෙනෙකු අත්අඩංගුවට

Thursday, 09 May 2019 - 8:53

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%96+6+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අවසර පත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවූ තුන්දෙනෙකු ත්‍රිකුණාමලය - කල්අඩිච්චේනි ප්‍රදේශයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ ධීවරයන් සතුව තිබූ යාත්‍රාවක්ද සිය භාරයට ගත් බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සාම්පූර් ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මේ අතර වවුනියාව ප්‍රදේශයේදී තහනම් දැල් යොදාගනිමින් මසුන් මැරූ 3 දෙනෙකුද වවුනියාව ජල ජීවී වගා ව්‍යාපෘති මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අද වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.