දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කැපකරුවෙකු වන අලි ප්‍රහාරයකින් මරුට

Thursday, 09 May 2019 - 9:08

%E0%B6%AF%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD+%E0%B6%86%E0%B6%BB%E0%B6%AB%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කැපකරුවෙකු ලෙස කටයුතු කළ අයෙකු 09 වනදා අලුයම 2ට පමණ වන අලි ප්‍රහාරයකින් මියගොස් ඇති බව අරලගන්විල පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දිඹුලාගල මලියදේව පුර ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි සිව්දරු පියෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා දිඹුලාගල ආරණ්‍ය සේනාසන භුමියේ වෙළඳසැලක නිදාගෙන සිටියදී අසලට පැමිණි වන අලියෙකු ඔහු රැගෙන ගොස් පාගා මරාදමා ඇති බවයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අරලගන්විල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.