ඩැනී හිත්තැටිය ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Thursday, 09 May 2019 - 12:53

%E0%B6%A9%E0%B7%90%E0%B6%B1%E0%B7%93+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු සහ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වූ ඩැනී හිත්තැටිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සුනිල් ප්‍රේමරත්න හෙවත් ඇට ඉන්දික අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු වන ඔහු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කරන්දෙණිය - එගොඩවෙල ප්‍රදේශයේදියි.

සැකකරු කලක සිට වනගතව සිට ඇති අතර, හෙරොයින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටි බව ද පොලීසිය සඳහන් කළා.

ඔහු මීට පෙර මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ කොල්ලකෑමේ සිද්ධිවලට අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර තිබුණා.

38 හැවිරිදි සැකකරු කරන්දෙණිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වනවා.

ඔහු අද පස්වරුවේ බලපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ඩැනී හිත්තැටිය ඝාතනයට ලක්වූයේ 2006 වසරේ ජූනි 11 වනදායි.

මෙම ඝාතන සිද්ධියේ අනෙක් සැකකරු වන පාතාල සාමාජික හර්ෂ යසස්ශ්‍රීී රාජගිරිය ඔබේසේකරපුරදී 2016 වසරේ මාර්තු 7 වනදා  වෙඩි තබා ඝාතනය කර තිබුණා.

මේ අතර, ඩුබායි සිට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වැන්රූයන් රුපියල් හාරදහසක දඩයක් මත අද මුදාහැර තිබෙනවා.

ඒ, ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැලිගම පොලිසිය ගොනු කර තිබූ නඩුව මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. 



අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 13:57

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More

මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2524ක් දක්වා ඉහළට
Tuesday, 04 August 2020 - 13:45

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07දෙනෙකු පූර්ණ සුවය... Read More

සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්දය දෙන හැටි (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 13:37

හෙට පැවැත්වෙන මහමැතිවරණයේ ඇති විශේෂත්වය ගැනත්, ඡන්ද පොළට... Read More