යළි විදුලිය සැපයුම අර්බුදයක

Thursday, 09 May 2019 - 13:16

%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A
පවතින වියලි කාලගුණ තත්ත්වය හමුවේ ජල විදුලිය නිෂ්පාදනය සීමාවීම හේතුවෙන් දෛනික විදුලි සැපයුම අභියෝගයක් වී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසනවා.

ඔහු කියා සිටියේ ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන ප්‍රධාන ජලාශවල ජල මට්ටම සැළකිය යුතු ලෙස පහත වැටී ඇති බවයි.

කාසල්රි ජලාශයේ ජල මට්ටම සියයට 18.4 ක් වන අතර, කොත්මලේ ජලාශයේ පවතින්නේ සියයට 39.6 ක් ජල ධාරිතාවක් පමණයි.

වික්ටෝරියා ජලාශයේ සියයට 25.2 ක්, රන්දෙණිගල ජලාශයේ සියයට 78.3ක් සහ සමනල වැව ජලාශයේ සියයට 28.5 ක් ලෙස ජල ධාරිතාව පහත වැටී ඇති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළේ.

මේ අතර පසුගිය මස 27 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී හදිසි අවශ්‍යතාවක් ලෙස පෞද්ගලික අංශයෙන් මෙගාවොට් 200 ක විදුලි ධාරිතාවක් මිලදී ගැනීමේ යෝජනාවට අනුමැතිය හිමිවුණා.