සෝදිසි මෙහෙයුමේදී අල්ලාගන්නා කඩු, කිණිසි සහ අවි ආයුධ මින් පසු පෙන්නන්න එපා - රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්

Thursday, 09 May 2019 - 13:25

%E0%B7%83%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%2C+%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%A2%E0%B7%99%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දිවයින පුරා සිදුවන සෝදිසි මෙහෙයුම්වලදී ආරක්ෂක අංශ විසින් සොයාගනු ලබන කඩු කිණිසි ඇතුලත් තියුණු ආයුද සහ වෙනත් අවි ආයුධ පිළිබඳව ඇතුලත් වීඩියෝ දර්ශන විකාශය කිරීමෙන් වළකින ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කලුවැව විසින් සියලුම මාධ්‍ය ආයතන වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඔහුගේ උපදෙස්වලට අනුව එම වැටලීම්වල වීඩියෝ දර්ශන මාධ්‍ය ආයතන සතුව තිබුණද රජයේ ඉල්ලීම වන්නේ ඒවා විකාශය කිරීමෙන් වැළකී සිටින ලෙසයි.

ඔහු මෙම උපදෙස් ලබාදී ඇත්තේ අද උදෑසන මාධ්‍ය ආයතන ප්‍රධානීන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට කැඳවූ අවස්ථාවේදීයි.

මේ අතර ආරක්ෂක අංශ විසින් සිදු කරන සෝදිසි මෙහෙයුම් වලදී සොයාගන්නා කඩු, කිනිසි ඇතුළු අවි ආයුධ පිළිබඳ දර්ශන විකාශය කිරීමෙන් වලකින ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා සියළුම මාධ්‍ය වෙත උපදෙස් ලබා දීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ වුණා.