කොච්චිකඩේ ප්‍රහාරකයාගේ සොහොයුරා ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට

Thursday, 09 May 2019 - 14:54

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%9A%E0%B6%A9%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොටහේන - කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්ඩීන් අහමඩ් මුවාත් නමැති පුද්ගලයාගේ සොහොයුරා ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.

කොළඹ - කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කරුණු දක්වමින් එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඔවුන් ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය මත රදවාගෙන සිටින බවයි.

ඒ අනුව සැකකරුවන් මේ මස 23 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රදේශයේම පදිංචිකරුවන්.