මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ DNA වාර්තා කැඳවන්න, අධිකරණයෙන් නියෝග

Friday, 10 May 2019 - 7:25

%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+DNA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
කොළඹ - ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් යන දෙදෙනාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා DNA වාර්තාවක් කැඳවන ලෙසට අධිකරණය ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දැනට ඔවුන්ගේ හිස් කොටස් ඉදිරිපත් කර එම DNA වාර්තා ලබාගන්නා ලෙසටයි කොළඹ - කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කර ඇත්තේ.

ඒ සඳහා දැනට මඩකලපුව බන්ධනාගාරයේ සිටින සහරාන්ගේ සහෝදරියගෙන් රුධිර සාම්පලයක් ලබාගැනීම සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීයා වෙත යොමු කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරය වෙත නියෝග කර තිබෙනවා.

මීට අමතරව මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්ගේ පියා සහ තවත් සහෝදරයන් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන අතර, ඔවුන්ගෙන්ද රුධිර සාම්පල ලබාගන්නා ලෙසටයි කොළඹ - කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

එමෙන්ම, සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්, බෝම්බ පිපිරීම් සිදුවූ ආසන්න කාලවකවානුව තුළ භාවිත කරන ලද සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් ඇතුළු තවත් රථවාහන 07 ක් සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඊට අදාළව රජයේ රස පරීක්ෂකවරයාටද වාර්තාවක් ලබාදෙන ලෙසට කොළඹ - කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කළා.  

මේ අතර, පාස්කු ඉරිදා පිපිරීම් දෙකක් සිදුවූ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවස රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ පරීක්ෂා කළා.

එමෙන්ම, පිපිරීම් සඳහා යොදාගත් බෝම්බ නිපද වූ බව කියන නිවාසද එම දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව තිබෙනවා.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් සිදුකරන මෙම විමර්ශනවලදී අදාළ බෝම්බ කවර ආකාරයේ ද්‍රව්‍යයන් යොදාගෙන නිපදවා ඇත්ද, කුමන ස්ථානවල තබා පිපිරීම සිදුකර ඇත්ද මෙන්ම පිපිරීම්වලින් තුවාල ලැබූ සහ මියගිය පුද්ගලයින්ට සිදුවු හානි සම්බන්ධයෙන්ද අවධානය යොමු කෙරෙනු ඇති.

අදාළ ස්ථාන පිළිබඳව විද්‍යාගාර පරීක්ෂාවක් මෙන්ම DNA සාම්පල පරීක්ෂාවක්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

අදාළ පරීක්ෂණ තුළින් පිපිරීම් සිදුවුණු ආකාරය ප්‍රතිනිර්මාණය කිරීමක් සිදු කෙරෙන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.