කලවංචිකුඩියේ අනතුරකින් යතුරුපැදිකරුවෙකු මරුට

Friday, 10 May 2019 - 10:03

%E0%B6%9A%E0%B6%BD%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කල්මුණේ - මඩකලපුව මාර්ගයේ කලවංචිකුඩි - තේතාතිව් - පිල්ලෙයාර් කෝවිල ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අනතුරෙන් බරපතල තුවාල  ලැබූ 42 හැවිරිදි කලූදාවලි ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරු කලවංචිකුඩි රෝහලට ඇතුළත් කිරීමෙන්
පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.