වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයන් ගැන, අධිකරණයට වාර්තා කළ, ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කෙරේ

Friday, 10 May 2019 - 12:37

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%B9+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85%2C+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
කොළඹ අපරාධ කොට්ඨාශයේ වැඩලබන අධ්‍යක්ෂවරයා ඇතුළු නිළධාරීන් තුන් දෙනෙකුගෙන් පොලිස් විශේෂ විමර්ෂණය ඒකකය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඒ, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හරින ලද වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සේවකයන් 9 දෙනා පිළිබඳව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේදී පොලීසියෙන් යම් දෝෂයක් සිදුවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරික්ෂණ වලට අදාළවයි.

ඊයේ පෙරවරු 10.00ට පමණ පැමිණි මෙම පොලිස් නිලධාරීන් තුන් දෙනාගෙන් පැය 9කට ආසන්න කාලයක් අදාළ ප්‍රකාශය ලබා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවේ කොළඹ අපරාධ කොට්ඨාශයේ වැඩලබන අධ්‍යක්ෂ, පොලිස් අධිකාරී උදය හේමන්ත, වැල්ලම්පිටිය පොලිස් අධිකාරී විදුර ජයසිංහ සහ වැල්ලම්පිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පියල් ගුණතිලක යන පොලිස් නිලධාරීන්ගෙන්. පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු එම තඹ කම්හලේ සේවය කළ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලම්පිටිය පොලීසිය සහ කොළඹ අපරාධ කොට්ඨාශය මගින් සිදුකළ මෙහෙයුමකදියි.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් 9 දෙනෙකු පසුගිය 6 වන දා ඇප මත මුදා හැරුණා. සැකකරුවන් කුමන නීතියක් යටතේ අධිකරණයට ඉදිරිපත් කළේ ද යන්න සම්බන්ධයෙන් පැහැදිලිබවක් නොමැති නිසා එදින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝග කළේ එක් අයෙකු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි.  

මෙම තඹ කර්මාන්තශාලාව පසුගිය දා සිනමා ග්‍රෑන්ඞ් හෝටලය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ්  ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් ට අයත් වනවා.

පසුව මෙම සැකකරුවන් පිළිබඳව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේදී පොලීසියෙන් යම් දෝෂයක් සිදුව ඇත්දැයි සොයාබැලීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකය පසුගිය 8 වන දා පරීක්ෂණයක් ආරම්භ  කළා.

ඒ අනුවයි මෙම පොලිස් නිලධාරීන් තුන් දෙනා කැදවා මෙලෙස ප්‍රශ්න කරනු ලැබුවේ.





රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More