ලිපියක් ගැන පරීක්ෂණයක් කරන්නැයි සංචාරක අමාත්‍යාංශයෙන් පොලීසියට දැනුම්දීමක්

Friday, 10 May 2019 - 12:47

%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
සංචාරක සංවර්ධන අධිකාරියේ මානව සම්පත් සහ පරිශ්‍ර කළමනාකරණ අධ්‍යක්ෂ විසින් එම ආයතනයට සම්බන්ධ නිලධාරීන් වෙත යවන ලද අභ්‍යන්තර ලිපියක් සමාජ ජාල මාධ්‍ය වෙත මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස විෂය භාර අමාත්‍ය ජෝන් අමරතුංග පොලීසිය වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව කොල්ලූපිටිය පොලීසිය මේ පිළිබදව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අදාළ ලිපිය ඡායාරූප ගත කර සමාජජාල මාධ්‍ය වෙත යොමු කළ බවට සැක කෙරෙන එහි සේවිකාවකගෙන් ප්‍රකාශයක් ද සටහන් කර ගැනුණා.

අදාළ ලිපියෙන් දක්වා ඇත්තේ ඉදිරි දිනකදී කොළඹ ස්ථාන 4ක බෝම්බ පිපිරීම් සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ආරක්ෂිත වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද ලිපියේ දක්වා තිබුණා.

මෙම ලිපිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විෂය භාර අමාත්‍ය ජෝන් අමරතුංගගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ එවැනි තර්ජනයක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුම් දී නොමැති බවයි.

කෙසේ වෙතත්, ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මෙය තහවුරු නොකරන ලද තොරතුරක් බවයි.

එබැවින් අදාළ ලිපිය සමාජ ජාල වෙත මුදා හැරීම පිළිබදව පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත බව ඔහු එහිදී සඳහන් කළා.