බටහිර ලෝකයට රැවටෙන්න එපා - කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක්

Friday, 10 May 2019 - 12:51

%E0%B6%B6%E0%B6%A7%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B7%80%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%9A%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
රටේ ඇතිවුණු සන්නද්ධවීම් සහ වෙඩි තබා ගැනීම් පිළිබදව, 2016 වසරේ සිට බුද්ධි අංශ නිලධාරින් වාර්තා ඉදිරිපත් කළත්, ආණ්ඩුව මුස්ලිම් දේශපාලනඥයින්ට බියෙන් ඊට මැදිහත් නොවුනු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් චෝදනා කරනවා.

ඒ උන්වහන්සේගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා ජාතික මහ සභාවේ විද්වතුන් සකස් කළ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදය පරදවන පංචවිධ සැලැස්ම, මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගමික නායකයින් වෙත පිළිගැන්වීමේ අවස්ථාවට කොළඹ පදනම් ආයතනයේදී අද එක්වෙමින්.

එම අවස්ථාවට අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන් සහ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එහිදී අදහස් දැක්වූ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටියේ අලූත් ශ්‍රී ලංකාවක් ගොඩනැංවීමට එක්වන ලෙසයි.

එමෙන්ම මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියේ සියළු ජාතීන් බටහිර රටවලින් ක්‍රියාත්මක කරන බලවේගවලට නොරැවටී කටයුතු කළ යුතු බවයි.

අවි ආයුධ නිෂ්පාදනය කරන පුද්ගලයින්ට යුද්ධ ඇති කිරීම අවශ්‍ය බවත්, එවැනි අවි ආයුධ නිෂ්පාදනය කරන බටහිර ලෝකයට යුද්ධ නොමැති නම් ජීවත් විය නොහැකි බවයි කාදිනල් හිමියන් පෙන්වා දුන්නේ.

මෙම අවස්ථාවට එක්වෙමින් අමරපුර මහා නිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් සඳහන් කළේ ආගම් අතර ගැටුම් ඇතිවීමට ඉඩ නොදී එකමුතුව කටයුතු කළ යුතු බවයි.



හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More