මිල සූත්‍ර කමිටුව අද පස්වරුවේ රැස්වෙයි

Friday, 10 May 2019 - 13:01

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මිල සූත්‍ර කමිටුව අද රැස්වීමට නියමිතයි.

මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ අද පස්වරු 06ට මුදල් අමාත්‍යාංශයේ මිල සූත්‍ර කමිටුවේ සාමාජිකයින් රැස්වීමට නියමිතව ඇති බවයි.

මිල සූත්‍රයකට අනුව සෑම මසකම 10 වනදා ඉන්ධන මිල සංශෝධනය කෙරෙන අතර, මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ අද දිනයේදී ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවනු ඇති බවයි.

මේ වනවිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 132 කට අලෙවි වන අතර, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් අලෙවි වන්නේ රුපියල් 159 කටයි.

ඔටෝ ඩීසල් ලීටරයක් මිල රුපියල් 104 කටත්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 134 කටත් අලෙවි වනවා.