කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු මූතූර් හිදී අත්අඩංගුවට

Friday, 10 May 2019 - 15:15

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%96%E0%B6%AD%E0%B7%96%E0%B6%BB%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මුතූර් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 180ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නිලධාරින් සහ මූතූර් පොලීසිය එක්ව ඊයේ (09) සිදුකළ වැටලීමකදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

21 හැවිරිදි සහ 26 හැවිරිදි සැකකරුවන් දෙදෙනා මුතූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් සතු යතුරුපැදි දෙකක් ද, පොලිස් භාරයට ගැණුනා.