නෙදර්ලන්ත සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපතිවරු, විපක්ෂ නායක හමුවෙයි

Friday, 10 May 2019 - 17:13

%E0%B6%B1%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B7%84+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92+%E0%B6%91%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නෙදර්ලන්ත තානාපතිනි ජෝන් ඩූනවාඩ් අද (10) පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා.

විපක්ෂ නායකවරයාගේ විජේරාම නිල නිවසේදී මෙම හමුව පැවති බවයි විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කළේ.

එහිදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව නෙදර්ලන්ත තානාපතිනිය, විපක්ෂ නායකවරයා වෙත සිය කණගාටුව පළ කර තිබෙනවා.

ප්‍රහාරයෙන් නෙදර්ලන්ත ජාතිකයෙකු ද ජීවිතක්ෂයට පත්වූ අතර, ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා නෙදර්ලන්ත තානාපතිනිය වෙත කණගාටුව පළ කළ බවයි විපක්ෂ නායක කාර්යාලය සදහන් කළේ.

මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඩ් අලී ඊබ්‍රහිම් අල් මුඅල්ලා ද අද විපක්ෂ නායකවරයා හමුවී තිබෙනවා.