අණ නොතකා ධාවනය කළ වාහන දෙකකට නාවික හමුදාවෙන් වෙඩි

Saturday, 11 May 2019 - 8:12

%E0%B6%85%E0%B6%AB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92
වත්තල - කිරිබත්ගොඩ පොලිස් වසම් දෙකෙහි අණ නොතකා ධාවනය කළ වාහන දෙකකට නාවික හමුදාව වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළා.

වත්තල - හුණුපිටිය ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය වූ කුඩා වෑන් රථයක නාවික හමුදාව ඊයේ (10) රාත්‍රියේ වෙඩි තබා ඇති අතර එහිදී පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි ඔහු කියා සිටියේ.

 මිය ගිය පුද්ගලයා 34 වන වියේ පසුවනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ අනෙක් වෙඩි තැබීමෙන් වාහනයට අලාභ හානි සිදුව ඇති බවයි.