දුම්රියක බසයක් ගැටීමෙන් පුද්ගලයෙකුට බරපතල තුවාල (ඡායාරූප)

Saturday, 11 May 2019 - 9:01

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පලෙයි - කොඩිකාමම් අතර කරම්බකම් මං සන්ධියේදී උත්තර දේවි දුම්රියෙහි බස් රථයක් ගැටී සිදුවූ අනතුරෙන් අත්හිටුවා තිබූ උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

අද අළුයම 5.30ට පමණ කරම්බකම් මං සන්ධියේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා දැල්වෙමින් තිබියදී ඒවා නොතකමින් මෙම පෞද්ගලික බස් රථය මාර්ගය හරහා ගමන් කර ඇති බවයි හෙලිව ඇත්තේ.

එම බස් රථය සිය ගමන් වාරය ආරම්භ කිරීම සඳහා කොඩිකාමම් බස් නැවතුම දක්වා ගමන් කරමින් පැවතියා.

අනතුර සිදුවන අවස්ථාවේදී එම බස් රථයෙහි රියදුරු පමණක් සිටි අතර ඔහු බරපතල තුවාල ලබා මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවන වෙමින් තිබූ උත්තර දේවි දුම්රියේ මෙම බස් රථය ගැටී මීටර් 50කට වැඩි දුරක් මාර්ගයේ ඉදිරියට ඇදී ගොස් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

මෙලෙස අනතුරට ලක්වූ උත්තරදේවි දුම්රියේ එන්ජිමට දැඩි හානි සිදුව ඇති අතර, එහි තෙල් කාන්දුවක් ද සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 5කට ආසන්න පාඩුවක් සිදුව ඇති බව සඳහන්.

හානියට ලක්වූ දුම්රියේ එන්ජිම පිළිසකර කර ධාවනයට එක් කරන තුරු කොළඹ කොටුව සහ කන්කසන්තුරේ දක්වා උත්තර දේවි නමින් එක් දුම්රියක් පමණක් ධාවනයට එක්වනවා.  

මෙලෙස අනතුරට ලක්වූ උත්තරදේවි දුම්රිය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඉන්දියාවෙන් ආනයනය කළ නව බලවේග කට්ටල දෙකෙන් එකක් වනවා.

වායු සමනය කළ මැදිරි දෙකකින්, දෙවන පන්තියේ මැදිරි දෙකකින් සහ තුන් වන පන්තියේ මැදිරි 7කින් ද මෙම දුම්රිය සමන්විතයි.  

මෙම නව බලවේග කට්ටලය උත්තරදේවි නමින් උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනයට එක් කරනු ලැබුවේ මේ වසරේ ජනවාරි 27 වන දිනයි.