ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විපක්ෂයේ විරෝධය

Saturday, 11 May 2019 - 12:51

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ රැසක් ආණ්ඩුවට දැඩි විරෝධය පළ කරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් කියා සිටියේ ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුකිරීමට අවශ්‍ය වුවත් මේ මොහොත ඒ සඳහා අවස්ථාව නොවන බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ද ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කර සිටියා.

ඔහු කියා සිටියේ මෙවන් අවස්ථාවක ආණ්ඩුවක් විසින් කළ යුත්තේ ජනතාවට සහන ලබාදීම බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක කියා සිටියේ වත්මන් ආණ්ඩුවට ජාත්‍යන්තරයේ සහය ඇති බවට ප්‍රකාශ කරන වකවානුවක බටහිර සහය ලබාගනිමින් හෝ ජනතාවට සහන ලබාදීමට කටයුතු කළ යුතු බවයි.

කෙසේ වෙතත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ ඉන්ධන මිල ඉහල නැංවීම සම්බන්ධයෙන් තමාගේ පෞද්ගලික කැමැත්තක් නොමැති බවයි.

මාසික මිල ගණනය කිරීම්වලට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමුණු අතර ඒ අනුව රුපියල් 132ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කිනුත් රුපියල් 159ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කිනුත් ඉහල දැමුණා.

ඔටෝ ඩීසල් ලීටරයක මිලෙහි වෙනසක් සිදුවී නොමැති අතර, එය රුපියල් 104 සීමාවේ පවතිනු ඇති. ඊට අමතරව රුපියල් 134ක්ව පැවති සුපිරි ඞීසල් ලීටරයක මිලද රුපියල් 2කින් ඉහළ දැමුණා.

ඊට සාපේක්ෂක අයි. ඕ.සී. සමාගම ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ නංවනු ලැබුවා.

මෙලෙස ඉන්ධන මිල වැඩි කිරීමත් සමග ත්‍රිරෝද රථ  කර්මාන්තයේ නියැලෙන්නන් තවදුරටත් අසීරුතාවට පත්ව ඇති බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතියේ ප්‍රධාන ලේකම් රෝහණ පෙරේරා ප්‍රකාශ කළා.


මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:46

මහ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත්... Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More