පොලිස් නිලධාරින් ඝාතනයට අත්අඩංගුවේ සිටි හිටපු LTTE සාමාජිකයා මුදා හැරේ

Saturday, 11 May 2019 - 16:51

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+LTTE+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%9A
මඩකලපුව - වවුනතිව් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගෙන සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා අද මුදා හැරුණා.

ඒ මඩකලපුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කදිරගාමර් අජන්තන් හෙවත් අන්නන් නමැති ඔහු මාස 5 කට වැඩි කාලයක් සිද්ධියට අදාළව රහස් පොලිස් භාරයේ පසුවුණා.

නිදහස ලැබීමෙන් පසු අන්නන් හෙවත් අජන්තන් හිරු ප්‍රවෘත්ති අංශය ඇමතුවා.

ඔහු කියා සිටියේ අද දිනයේදී තමන්ට නිදහස ලැබුණු බවයි.

මඩකලපුව - වවුනතිව් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කල සිද්ධිය වාර්තා වන්නේ පසුගිය වසරේ නොවැම්බර් 30 වනදායි.

හිසට වෙඩි තබා සහ තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතන සිදුකර තිබුණා.

සිද්ධියෙන් මියගියේ වවුනතිව් පොලීසියට අනුයුක්තව රාජකාරි කළ කල්මුණේ සහ ගාල්ල - උඩුගම ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්.