අන්තවාදී මත, අන්තර්ජාලයට මුදාහළ දේශකයෙකු ගුවන් තොටුපලේදී කොටු වේ

Sunday, 12 May 2019 - 7:23

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%AD%2C+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%9A
අන්තවාදී අදහස් අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරු ඊයේ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ මක්කම වන්දනාවේ ගොස් යළි පැමිණි අවස්ථාවේදියි.

මොහු නමින් මුහයිදීන් කනී සේගු මුනාජිත් නැමැත්තෙකු බවයි වාර්තාවන්නේ.

මෙම පුද්ගලයා මක්කම වන්දනාවේ බැතිමන් රැගෙන යන අයෙකු මෙන්ම පල්ලිවල දේශනා පැවැත්වූ අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.