සමාජ මාධ්‍ය යළි අවහිර කරයි

Monday, 13 May 2019 - 6:46

%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍යවලට මෙරටින් ප්‍රවේශවීම තවදුරටත් අවහිරව පවතිනවා.

ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග රට තුළ සාමය ආරක්ෂා කරගැනීමේ අරමුණින් කෙටි කාලයක් සඳහා සමාජ මාධ්‍යවලට පිවිසීම අවහිර කරන බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව අද (13) උදෑසන සඳහන් කළේ.

එමෙන්ම අසත්‍ය ප්‍රකාශ සිදුකරන හෝ කටකථා පතුරුවන පුද්ගලයන් සහ කණ්ඩායම් හෝ සංවිධාවලට එරෙහිව හදිසි නීති රෙගුලාසි යටතේ නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රය ප්‍රකාශ කළා.

එමෙන්ම ආරක්ෂක අංශ නොමග යවන පුද්ගලයින් සහ කණ්ඩායම් හෝ සංවිධාන සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර වත්මන් තත්ත්වය පිළිබඳව මුස්ලිම් ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් මේ වනවිට ක්‍රියාත්මකයි.

එහි එක් අදියරක් ඊයේ ක්‍රියාත්මක වූයේ දෙහිවල ජුම්මා දේවස්ථානයේයි.

හමුදා නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට එක්ව සිටි බි්‍රගේඩියර් අසාද් ඉසඩීන් කියා සිටියේ ඇතිවූ මෙම තත්ත්වය පිළිබඳව තමන් කණගාටුව පළ කරන බවයි.


හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More