අදත් පාසල්වලට ළමයින් පැමිණිමේ අඩුවක්

Monday, 13 May 2019 - 11:13

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
රජයේ පාසල්වල ප්‍රාථමික අංශය දෙවන වාරයේ අධ්‍යයන කටයුතු සඳහා අද ආරම්භ වුවද සිසුන්ගේ පැමිණීම ඉතාම අවම මට්ටමක පැවති බවයි වාර්තාවන්නේ.

අප වාර්තාකරුවන් සඳහන් කළේ ප්‍රාථමික අංශයේ පමණක් නොව ඉහළ ශ්‍රේණිවල ළමයින්ගේ පැමිණීම ද ඉතා අඩු මට්ටමක පවතින බවයි.

ඇතැම් පාසල්වල ප්‍රාථමික අංශයේ සිසුන් සුළු පිරිසක් පාසල් වෙත පැමිණියද ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීමට ප්‍රමාණවත් සිසුන් සංඛ්‍යාවක් නොමැතිවීම හේතුවෙන් පන්ති කිහිපයක් එක්කොට අධ්‍යයන කටයුතු සිදුකරන බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් අප කළ සොයා බැලීමේදී අනාවරණ වූයේ දිවයිනේ බොහෝ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සියයට 75 කට වැඩි පිරිසක් අද රාජකාරි සඳහා වාර්තා කර ඇති බවටයි.

කොළඹ පාසල්වලට ළමයින් පැමිණීම ද ඉතා අවම මට්ටමක පවතින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලිං කියා සිටියා.

ඒ අනුව කොළඹ ආනන්ද විද්‍යාලයට පැමිණ ඇත්තේ සිසුන් 30 දෙනෙකු පමණයි.

කොළඹ මහානාම විද්‍යාලයට සිසුන් 07 දෙනෙකු, සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට සිසුවියන් 19 දෙනෙකු පමණක් පැමිණ තිබෙනවා.

කොළඹ විශාඛා විද්‍යාලයට සිසුවියන් 11ක්, නුගේගොඩ අනුලා විද්‍යාලයට සිසුවියන් 18ක්, කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයට සිසුවියන් 08 දෙනෙකු අද දිනයේ අධ්‍යයන කටයුතු සඳහා පැමිණ තිබෙනවා.

තර්ස්ටන් විද්‍යාලයට අද දිනයේ පැමිණ ඇත්තේ සිසුන් 03 දෙනෙකු පමණක් වන අතර කොළඹ ඉසිපතන විද්‍යාලයට සිසුන් 33 දෙනෙකු සහ කොළඹ නාලන්ද විද්‍යාලයට සිසුන් 15 දෙනෙකු පැමිණ ඇති බව සඳහන්.

කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයට පැමිණ ඇත්තේ සිසුන් 15 දෙනෙකු පමණක් බවයි ලංකා ගුරු සංගමය සඳහන් කළේ.

බොහෝ පාසල්වල දෙමව්පියන්ද ස්වේඡාවෙන් දරුවන්ගේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් පාසල් තුළ රැදී සිටින ආකාරය ද දක්නට ලැබුණා.




මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:46

මහ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත්... Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More