අමාත්‍ය මණ්ඩලය සහ ආරක්ෂක මණ්ඩලයත් රැස්වේ

Monday, 13 May 2019 - 13:03

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
අමාත්‍ය මණ්ඩලයේ සහ ආරක්ෂක කවුන්සිලයේ ඒකාබද්ධ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

සාමාන්‍යයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම අගහරුවාදා දිනයේ පැවැත්වෙන නමුත් ජනාධිපති කාර්යාලයේදී ඊයේ රාත්‍රියේ මෙම ඒකාබද්ධ රැස්වීම පවත්වනු ලැබුවේ ජනාධිපතිවරයා චීන සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන්.

මෙහිදී රට තුල දැනට පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරුණු දක්වා තිබෙනවා.

රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ඊයේ පැවති මෙම රැස්වීමේදී අමාත්‍ය රිෂාඞ් බදියුදීන් තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළ බවයි.

මෙහිදී ජනාධිපතිවරයාගේ චීන සංචාරය අතරතුර අත්සන් තැබීමට නියමිත ආරක්ෂක ගිවිසුම් දෙකකට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර චීනයේ පැවැත්වෙන ආසියානු ශිෂ්ටාචාරික සංවාදය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද දිවයිනෙන් පිටත්ව ගියා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 302 දරණ යානයෙන් පෙරවරු 7.35 ට පමණ ජනාධිපතිවරයා ඇතුලු 27 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස පිටත්ව ගිය බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

මෙම සමුළුව ලබන බදාදා පැවැත්වෙනු ඇති.