උතුර සහ නැගෙනහිර මියගිය වැසියන් සැමරේ

Monday, 13 May 2019 - 13:05

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%9A
යුද්ධයේදී මියගිය වැසියන් සිහි කිරීම සඳහා උතුර, නැගෙනහිර ස්ථාන කිහිපයකදී ජන සංහාර සතිය නමින් සැමරුම් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ, දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම්ගේ මූලිකත්වයෙන්.

මුලතිව් ප්‍රදේශයෙන් ඊයේ (12) ආරම්භ කළ එම වැඩසටහන ලබන 18 වනදා දක්වා ක්‍රියාත්මක බවයි ඔහු කියා සිටියේ.

එදින වෙල්ලමුල්ලිවයික්කාල් ස්මාරකය අභියසදී මීට අදාළ විශේෂ උත්සවයක් පැවැත්විමටද සැළසුම් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප, යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තුගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ යුද්ධයේදී මියගිය සාමාන්‍ය වැසියන් සිහිකිරීමට තහනමක් නොමැති බවයි.

එහෙත් තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ.ය සැමරීමට කිසිදු හැකියාවක් නොමැති බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.